අන්තර් ඒකක අත්පන්දු ශූරතාව - 2022

අන්තර් ඒකක අත්පන්දු ශූරතාවලිය 2022 ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ රයිෆල් ග්‍රීන් පිටියේදී 2022 අගෝස්තු 15 සිට 2022 අගෝස්තු 19 දක්වා පවත්වන ලදී.එහි අවසන් මහා තරගය තුම්මුල්ල සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.අවසන් තරගය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඒ.ජේ.අමරසිංහ මහතා සහභාගී වූ අතර ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ මහතා,ගුවන් හමුදා අත්පන්දු සභාපති එයාර් වයිස් මාර්ෂල් ජේ.පී. බාලසූරිය,ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින්ද මෙම අවස්ථාවට සහභාගි විය.

සමස්ත කාන්තා කණ්ඩායම් ශූරතාව ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය විසින් හිමිකර ගන්නා ලද අතර ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල අනුශූරියන් බවට පත්විය.ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ පිරිමි කණ්ඩායම පිරිමි අංශයේ ශූරයන් බවට පත් වූ අතර ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ කණ්ඩායම අනුශූරයන් ලෙස තරඟාවලිය නිමා කරන ලදී.

ප්‍රතිඵල සාරාංශය

කාන්තා විශේෂ සම්මාන
දක්‍ෂතම දැල් රකින්නා - නායක ගුවන් කාන්තා කරුණාරත්න ඒ.කේ.එස්.එම්
තරගාවලියේ හොදම ක්‍රීඩිකාව - නායක ගුවන් කාන්තා නිර්මානී ඒ.කේ
කාන්තා අනුශූරතාව - ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල
කාන්තා ශූරියන් - ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය

පිරිමි විශේෂ සම්මාන
දක්ෂතම දැල් රකින්නා - කෝප්‍රල් ජයසංඛ ටී.
තරගාවලියේ වීරයා - බළපංති සැරයන් රූපතුංග ආර්.පී.ඩී
පිරිමි අනුශූරතාව - ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල වන්නි
පිරිමි ශූරයන් - ගුවන් හමුදා කොළඹ  කඳවුර

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.