ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගිනි නිවීමේ පාසල සහ ගිනි නිවීමේ පක්ෂාංගය 06 වැනි සංවත්සරය සමරයි

ගිනි නිවීමේ පාසල සහ ගිනි ටෙන්ඩර් නඩත්තු බළගණය සිය 06 වන සංවත්සරය 2022 අගෝස්තු 27 වන දින සමරන ලදී. ගිනි නිවන භටයින් සඳහා මනා පුහුණුවක් ලබාදීමේ මූලික දැක්ම ඇතිව 2015 වසරේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ පාසල සහ ගිනි ටෙන්ඩර් නඩත්තු බලඝණය ස්ථාපිත කරන ලදී.මෙම පිහිටුවීමේදී සංවර්ධන අංශය විසින් ගිනි නිවන වාහන/පොම්ප අළුත්වැඩියාව සහ ප්‍රථමාධාර ගිනි උපකරණ  අළුත්වැඩියා කිරීම/නඩත්තු කිරීම සහ නැවත පිරවීම සහ ස්වයංක්‍රීය ගිනි අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීම සිදු කෙරිණි. මෙමගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණි.

2022 අගෝස්තු 26 වන දින ආගමික උත්සවයකින් පසු දින සැමරුම ආරම්භ කරන ලදී.අනතුරුව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් අරුණ පෙරේරා නිළධාරීතුමන් ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් සහ වොලිබෝල් තරඟාවලියක් පවත්වන ලදී.

උත්සවයට සමගාමීව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සුළු කාර්ය මණ්ඩලය සමග එක්ව “ශ්‍රමදාන” ව්‍යාපාරයක් සහ ගිනි නිවීමේ වැඩසටහනක් ද  වැලිහේන ශාන්ත මරියා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී ළමුන් සඳහා දිවා ආහාර වේලක් ලබා දෙන ලදී.එහිදි ගුවන් හමුදා කැලිප්සෝ තූර්ය වාදක කණ්ඩායම විසින් ඔවුන් හට විනෝදාස්වාදය ලබාදෙන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.