ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුරේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය 71 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුරේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය 71 වන සංවත්සරය  (2022 සැප්තැම්බර් 01) දින සමරනු ලැබීය. අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් අයි.එස්. මල්ලවාරච්චි නිළධාරීතුමන්ගේ මූලිකත්වයෙන් පක්ෂාංග පරිශ්‍රයේ පැවති පෙළපාලියක් අනතුරුව පැළ සිටුවීමේ වැඩසටහනක් සහ කඳවුරු ක්‍රීඩා පිටියේදී පක්ෂාංගයේ සාමාජිකයින් අතර සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලදී

2022 අගෝස්තු 30 වැනි දින චීන වරායේ බෝධි රාජාරාම විහාරස්ථානයේ දී ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ බෝධි පූජා වැඩසටහනක්  පවත්වන ලදී. මෙම ආගමික උත්සවය පූජ්‍ය අළුත්තෝය සද්ධාශීල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර එම අවස්ථාවට පක්ෂායේ සියලුම නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාඡිකයින්ද සහභාගි විය

රාජකීය ලංකා ගුවන් හමුදාව බිහි වූ වසරේම අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පිහිටුවන ලදී මූලික පුහුණුව  ගුවන් යානයකින් ආරම්භ විය. අද ශ්‍රී ලංකාවේ "මිලිටරි ගුවන් නියමුවන්ගේ තොටිල්ල" ලෙස සැලකෙන  මූලික පියාසර පුහුණු පක්‍ෂාංගය  චීන K-8  චීන PT-6 ගුවන් යානා සහ අමරිකානු  Cessna-150  යන ගුවන්යානාවලින් සමන්විත වේ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.