ගුවන් හමුදාපතිවරයා අම්පාර ගුවන් හමුදා කඳවුරේ නිල සංචාරයක නිරත වෙයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා  (2022 සැප්තැම්බර් 03) දින අම්පාර ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත විය. ගුවන් හමුදාධිපතිතුමන් සමඟ අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන ද සහභාගී විය. ගුවන් හමුදාධිපතිතුමන් විසින් එම කඳවුරේ  කෘෂි අංශය රෙජිමේන්තු පුහුණු පාසල සහ ගුවන් භටයින්ගේ භෝඡනාගාරය වෙත සංචාරයක් සිදු කරන ලද අතර එම ස්ථානය පවත්වාගෙන යනු ලබන ආකාරය සහ කඳවුරු පරිශ්‍රයේ එක් එක් ගොඩනැගීම් සංවර්ධනයේ ප්‍රගතිය පරීක්ෂා කරන ලදී

අනතුරුවල ගුවන් හමුදාධිපතිතුමන් විසින් මීළඟ සංචාරයට පෙර සුභසාධනල සේවා,  යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සදහා සේවා සහ සිවිල් නිලධාරීන්ගේ පිරිසක් සමග සම්මුඛ සාකච්ඡාවට පවත්වන ලදී.

චාරිකාව නිම කිරීමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් නීලගිරි මහා සෑයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබදව සොයා බැලීම සඳහා පූජනීය නීලගිරි මහා සෑය ප්‍රතිසංස්කරණය කරන ස්ථානය වෙත ගිය අතර  ව්‍යාපෘතියේ තවමත් අවසන් කර නොමැති මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ද සිදු කරන ලදී.


Nilagiri Maha Seya

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.