ගුවන් හමුදාධිපතිතුමන් වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ නිල සංචාරයක නිරත වෙයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා  (2022 සැප්තැම්බර් 04) දින වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ සංචාරයක නිරත විය.  ගුවන් හමුදාධිපතිතුමන් සමඟ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් බුද්ධික පියසිරි නිළධාරීතුමන් මෙම අවස්ථාවට සහභාගි විය. ගුවන් හමුදාධිපතිතුමන් විසින් කෘෂි අංශයේ සහ ගුවන් භටයින්ගේ භෝඡනාගාරය වෙත ගොස් එහි පවත්වාගෙන යන ප්‍රමිතීන් පිළිබදව පිළිබදව සොයා බලන අතර ගුවන් භටයින් වෙත ලබා දෙන ආහාරවල    ප්‍රමාණය, ප්‍රමිතිය සහ පෝෂණ ප්‍රමිතීන් සහතික කිරීමේ අරමුණින් ගුවන් භටයින්ගේ භෝඡනාගාරයේ දී ඒ පිළිබදව නිරීක්ෂණයක් සිදු කරන ලදී.

අනතුරුවල ගුවන් හමුදාධිපතිතුමන් විසින්  සුභසාධනල සේවා,යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සදහා සේවා සහ සිවිල් නිලධාරීන්ගේ පිරිසක් සමග සම්මුඛ සාකච්ඡාවට පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.