නව විධායක ප්‍රධාන බළලත් නිලධාරිවරයා රාජකාරි භාර ගනී

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බළලත් නිලධාරි (CMWO) ලෙස ප්‍රධාන බළලත් නිළධාරී ඩබ්ලිව්.එම්.එස්.ආර් ජයසිංහ අද (2022 සැප්තැම්බර් 08) දින ගුවන් හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

ගුවන් හමුදාවෙන් නික්මයන විධායක ප්‍රධාන බළලත් නිලධාරි, ඩී.ඩී.ඒ.පී දිසානායක මහතා විසින් ගුවන් හමුදාධිපති කාර්යාලයේ දී පුධාන බළලත් නිළධාරී ඩබ්ලිව්.එම්.එස්.ආර් ජයසිංහ වෙත සිය රාජකාරි භාර දෙන ලදී. ප්‍රධාන බළලත් නිළධාරී දිසානායක මහතා ගුවන් හමුදාවේ සේවය කරන කාලය තුළ සහ විධායක ප්‍රධාන බළලත් නිලධාරි ලෙස කටයුතු කරන කාලසීමාව තුළ එතුමාගේ වටිනා සහ කැපවීමෙන් කළ සේවය ගුවන් හමුදාධිපති තුමා විසින් අගය කරන ලදී.

ප්‍රධාන බළලත් නිළධාරී ඩබ්ලිව්.එම්.එස්.ආර් ජයසිංහ 2001 ජූලි 11 වන දින මෝටර් රථ ප්‍රවාහන යාන්ත්‍රික වෘත්තිකයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණි. ඔහු මෝටර් රථ කාර්මික ශිල්පියෙකු සහ ප්‍රධාන උපදේශකයෙකු වන අතර ඔහුට මෝටර් රථ ඉංජිනේරු ක්ෂේත්‍රයේ මනා පළපුරුද්දක් ඇත. විධායක ප්‍රධාන බළලත් නිලධාරි ලෙස පත්වීමට පෙර, ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ අඨිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ භාරව සිටින බළලත් නිලධාරි තනතුරේ සේවය කළේය.

විධායක ප්‍රධාන බළලත් නිලධාරි තනතුර 2017 ජූලි මාසයේදී ස්ථාපිත කරන ලදී. විධායක ප්‍රධාන බළලත් නිලධාරිවරයා ගුවන් හමුදාවේ සෙසු නිලයන් අතර ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා වන අතර සෘජුවම ගුවන් හමුදාපතිවරයා වෙත වගකීමට බැඳී සිටියි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනෙකුත් නිලයන් සහ විධායක නොවන සිවිල් සේවකයින්ගේ සාමාන්‍ය පරිපාලනය සහ සුභසාධනය සම්බන්ධ සියලු අංශවල සමස්ත වගකීම ඔහු වෙත පැවරී ඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.