ජාතික හා ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වු ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගුවන් හමුදාධිපති තුමන් විසින් ඇගයීමට ලක්කරයි

ජාතික හා ජාත්‍යන්තර ජයග‍්‍රහන ලබා ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරි ගැන්විම වෙනුවෙන් සංවිධානය කරනු ලැබු  ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් ඇගයීම් ප‍්‍රදානෝත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහි දි ආසියානු දැල්පන්දු තරගාවලියේ දි විශේෂ දක්ෂතා දැක්වු ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායමේ සමාජිකා ස්කෝඩ‍්‍රන් ලීඩර් චතුරංගි ජයසූරිය සහ නායක ගුවන් කාන්තා රශ්මි දිව්‍යාංජලි ඇගයිමට ලක් වු අතර පසුගියදා පැවති  මන්චි සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ ශුරතාවය දිනාගත් ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩයම් ද, මිස්ටර් ශ‍්‍රි ලංකා කිරුල හිමිකරගත් ගුවන් හමුදා කායවර්ධන සංවිතයේ නායක ගුවන්භට චමින්ද පිරිස්,  ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම මෙන්ම ජාතික මට්ටමේ ශූරතා දිනාගත් ගුවන් හමුදා වෙඩි තැබිමේ සහ ජිවිතාරක්ෂක ක‍්‍රිඩා අංශයන් හි කණ්ඩායම් ද ගුවන් හමුදාධිපතිතුමන් ගේ ඇගයිමට ලක්විය.

තවද පසුගියදා පැවති ආසියානු දැල්පන්දු තරගාවළියේදි දැක් වු දක්ෂතාවයන් සැලකිල්ලට ගනිමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්  විසින් ජාතික දැල්පන්දු ක‍්‍රිඩිකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා රශ්මි පෙරේරා කෝප‍්‍රල් නිළය දක්වා උසස් කිරිමට ද මෙහිදි උපදෙස් ලබාදිම සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී තුමන් ඇතුළු ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත සභාපතිවරුන්, ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිත ලේකම්වරුන්, කී‍්‍රඩා සංචිත කළමණාකරුවන් සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.