ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 41 වන අදියර රාමනාථපුරම් අලගපුරි ප්‍රාථමික පාසලේදී අවසන් විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා ඉරණමඩු කදවුර මගින් ඊයේ (2022 සැප්තැම්බර් 13) ‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 41 වන අදියර ඉරණමඩු රාමනාදපුරම් අලගපුරි ප්‍රාථමික පාසලේදී සාර්ථකව අවසන් කරන ලදී.

පන්ති කාමර දෙකකින් සමන්විත  ප්‍රතිසංස්කරණය කළ පාසල් ගොඩනැගිල්ල ගුවන් හමුදා ඉරණමඩු කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් රුක්මන් දසනායක විසින් අලගපුරි ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රධාන ගුරුවරයා වෙත භාර දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා ඉරණමඩු කදවුර එක්වය. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නිළධාරීන් සහ සෙසු නිලයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.