ජාතික ආරක්ෂක විද්‍යාල උපාධි පාඨමාලා අංක 01 සාර්ථකව අවසන් කරන ලදී

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව,රාජ්‍ය ශිල්පය,රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ රාජ්‍ය ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ඉහළ සුදුසුකම් ලත් උපාය මාර්ගික තීරණ පිළිබදව ත්‍රිවිධ හමුදාවේ,පොලිසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පුහුණු කිරීම සඳහා ජාතික ආරක්ෂක විද්‍යාලය (NDC) මෑතකදී පිහිටුවන ලදී.  

ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) පාඨමාලා අංක 01 හි ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (2022 සැප්තැම්බර් 14) දින ජාතික ආරක්ෂක විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහබාගී විය. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්,ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, පොලිස්පතිවරයා ඇතුළු කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින් සහ ආරක්ෂක විද්‍යාලයේ සාමාජිකයින් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදී.

'ජාතික ආරක්ෂක පාඨමාලා අංක 01'  2021 නොවැම්බර් 12 වන දින ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 14 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 07 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 06 දෙනෙකු සහ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 04 දෙනෙකුගෙන් සමන්විත සමස්ත නිලධාරීන් 31 දෙනෙකු මෙම පාඨමාලාව හදාරා ඇත.

මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.පී.එස් රත්නායක මහතා,  ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.එස්.කේ වීරසේකර මෙනවිය, ජාතික ආරක්ෂක විද්‍යාලයේ ලේකම් බ්‍රිගේඩියර් පී.පී.ඒ පෙරේරා, ජාතික ආරක්ෂක විද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, විද්‍යාපීඨ සාමාජිකයින් , ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අධ්‍යයන ජයග්‍රහණවල දක්‍ෂතා දැක්වූ උපාධිධාරීන් සඳහා විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී.විශේෂ සම්මානලාභීන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.

විශිෂ්ඨතම නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාව
බ්‍රිගේඩියර් ඩබ්.ඒ.එස්.ආර් විජේදාස

විශිෂ්ඨතම නිලධාරියා ශ්‍රී ලංකා නාවික හමුදාව
රියර් අද්මිරාල් බි.ඒ.කේ.එස්.පි බානගොඩ

විශිෂ්ඨතම නිලධාරියා ශ්‍රී ලංකා ගුවන් හමුදාව
එයාර් කොමඩෝර් පී.එන් ද කොස්තා

විශිෂ්ඨතම නිලධාරියා ශ්‍රී ලංකා පොලිසිය
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.ජී.ජේ සේරම්


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.