අන්තර් ඒකක දුනු විදීමේ ශූරතාවය 2022

අන්තර් ඒකක දුනු විදීමේ ශූරතාවලිය - 2022' 2022 සැප්තැම්බර් 12, 13 සහ 14 යන දිනයන්හිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.මෙම ශූරතාවලිය ත්‍යාග ප්‍රදානෝත්සවය සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් එච්.ඩබ්.එම්.යූ. විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

පිරිමි ශූරතාව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් දිනා ගන්නා ලද අතර කාන්තා ශූරතාව කටුනායක ගුවන් හමුදා කඳවුරේ සැපයුම් සහ නඩත්තු ඩිපෝ කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී. පිරිමි අංශයේ අනුශූරතාව ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසල සහ කාන්තා අංශයේ අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර විසින් දිනා ගන්නා ලදී.දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ බළපංති සැරයන් ප්‍රියන්ත ආර්.ඩී.එන් පිරිමි මීටර් 18 සහ මීටර් 30 කේවල ඉසව්වල රන් පදක්කම් දිනාගත් අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ තාක්ෂණික අංශයේ සැරයන් ප්‍රනාන්දු ඩබ්ලිව්.එන්.එම් මීටර් 18 කාන්තා කේවල ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.