ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සඳහා 10 වන ගුවන් ආරක්ෂක වැඩමුළුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී

ගුවන් හමුදා නිලධාරීන් සඳහා 2022 වසර 10 වන ගුවන්  ආරක්ෂණ වැඩමුළුව (2022 සැප්තැම්බර් 16) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී සාර්ථකව නිම කරන ලදී.

ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් සමඟ සෘජුව සම්බන්ධ වන නිලධාරීන් අතර ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම  වැඩමුළුව සංවිධානය කල අතර වැඩමුළුව සඳහා නියමු පොදු රාජකාරි , ගුවන් යානා සහ සාමාන්‍ය ඉංජිනේරු, මෙහෙයුම් ගුවන්, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, සැපයුම්, රෙජිමේන්තු, වෛද්‍ය සහ සිවිල් ඉංජිනේරු යන අංශ 8 ක නිලධාරීන් සහභාගි වූහ.

දින 4 ක කාලය තුළ නිලධාරීන් 16 දෙනෙකු වැඩමුළුවට සහභාගී වු අතර මෙම වසර තුළ නිලධාරීන් සඳහා සැලසුම් කර ඇති වැඩමුළු දෙකෙන් පළමු වැඩමුළුව මෙය විය. වැඩමුළුව අවසානයේ වැඩබලන අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් බි.එම්.කේ.එන් වික්‍රමසිංහ විසින් සහතිකපත් ප්‍රදානය සහ පාඨමාලාවේ  සමාප්ති දේශනය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.