ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ මුද්‍රණ අංශය ප්‍රථම වරට ඩිජිටල් ඕෆ්සෙට් මුද්‍රණ කිරීම ආරම්භ කරයි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමකට අනුව ගුවන් හමුදා ආකෘති පත්‍ර සහ පුහුණු පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රජය දරන අධික වියදම් සීමා කිරීම සඳහා ඒකල වෘත්තීය පුහුණු පාසලේ ගුවන් හමුදා මුද්‍රණ අංශයට ඩිජිටල් ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍රයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිලදී ගන්නා ලදී.

2022 සැප්තැම්බර් 20 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසංක මාර්ටිනෝ විසින් එම යන්ත්‍රය මුද්‍රණ අංශය වෙත ලබාදුන් අතර මුද්‍රණ අංශ භාර නිලධාරී විංග් කමාන්ඩර් ධනුෂ්ක තලකැටිය නිළදාරීතුමන් විසින් පළමු මුද්‍රණය සිදු කරන ලදී.

ඩිජිටල් ඕෆ්සෙට් මුද්‍රණ තාක්‍ෂණයට සම්ප්‍රදායික ඕෆ්සෙට් මුද්‍රණයට වඩා ඉතා ඉක්මන්ව ඉල්ලුමට සරිලන පරිදි මුද්‍රණ කටයුතු කරගැනීමට ඇති හැකියාවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා අපද්‍රව්‍ය අඩු කරන තහඩු යෙදීම හෝ අතිරික්ත තීන්ත භාවිතා කිරීම අවශ්‍ය නොවීම නිසා කාර්යක්ෂම මුද්‍රණ කටයුතු කරගැනීමට මෙයින් හැකියාව සැලසෙනු ඇත.

විචල්‍ය දත්ත මුද්‍රණය,වඩා හොඳ මුද්‍රණ ගුණාත්මකභාවය සහ පාරිසරික කාර්යක්ෂමතාවය මෙම විශේෂිත මුද්‍රණ උපකරණ ගුවන් හමුදාව සඳහා භාවිතා කිරීමේ තවත් ලක්ෂණ වේ.වැදගත්ම දෙය නම්, කුඩා මුද්‍රණ කටයුතු සඳහා එය ලාභදායී වීමයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.