ගුවන් කාර්යමන්ඩල සාමාජිකයින් සඳහා මීළඟ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා කාර්ය මණ්ඩල සම්පත් කළමනාකරණ වැඩසටහන පිළිබදව සාකඡ්චාවක් පවත්වන ලදී

ලබන වසරේ මධ්‍යම අප්‍රිකාවේ 8 වැනි එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුමට යෙදවීමට නම් කර ඇති ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ කාර්ය මණ්ඩල හා සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් විධාන පියාසර ආරක්ෂණ පරීක්ෂක කාර්යාලය විසින් කාර්ය මණ්ඩල සම්පත් කළමනාකරණ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

පියාසර ආරක්ෂණ පරීක්ෂක - විංග් කමාන්ඩර් එම්.වී.සී සිල්වා විසින් ආරම්භක දේශණය සිදුකල අතර 2022 සැප්තැම්බර් 19 වන දින සිට 2022 සැප්තැම්බර් 21 දක්වා දින තුනක්පුරා මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ   මූල්‍ය හා නඩත්තු සේවා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. විංග් කමාන්ඩර් ටී.පී ද සිල්වා, විංග් කමාන්ඩර් එම්.ජී.එච් ද සිල්වා සහ විංග් කමාන්ඩර් එච්.එම්.එම් සමරකෝන් යන  නිලධාරීන් විසින් මෙම වැඩසටහනෙහි දේශන පවත්වන ලදී.

සමාප්ති දේශනය මාණ්ඩලික නිලධාරි පියාසර ආරක්ෂණ ඉංජිනේරු විංග් කමාන්ඩර් ඩබ්ලිව්.එම්.කේ.එන් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලද අතර විංග් කමාන්ඩර් එම්.වී.සී සිල්වා සහ පියාසර ආරක්ෂක පරීක්ෂක විංග් කමාන්ඩර් ඩබ්ලිව්.වී.කේ.වීරමන් ඇතුළු නිළධාරීන් 14 දෙනෙකු සහ ගුවන් භටයින් 10 දෙනෙකු මෙම වැඩසටහන සාර්ථකව නිම කරන ලදී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.