අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාව 2022

2022 අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය (2022 සැප්තැම්බර් 21) වන දින කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය අවසන් මහා තරගයේ  ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.ගුවන් හමුදා දැල්පන්දු සංචිතයේ සභාපති එයාර් කොමදෝරු සුරේකා ඩයස්,කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර,කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුරේෂ් ප්‍රනාන්දු සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් අවසන් මහා තරඟය නැරඹීම සඳහා සහභාගී විය.

2022 අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු 27-12කින් ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය පරාජයට පත් කළේය. දක්ෂතම පන්දු විදින්නා ලෙස  ගුවන් කාන්තා තක්ෂිලා ඒ.ජි.ඔ. සම්මාන දිනාගත් අතර,ඒකල වෘත්තීය පුහුණු පාසල නියෝජනය කළ ගුවන් කාන්තා යොෂානා බී.එල්.ජේ දක්ෂතම පන්දු ආරක්‍ෂකයා බවට පත් විය.දක්ෂතම මධ්‍යස්ථ පිටියේ ක්‍රීඩිකාව ලෙස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍යභට නිලධාරිනී ජයතිලක එන්.ඩී.ඒ.සමත්විය.

2022 අන්තර් ඒකක දැල්පන්දු ශූරතාවලියේ දැල්පන්දු රැජින ලෙස කිරුළු පැළඳීමට ඒකල වෘත්තීය පුහුණු පාසලේ ගුවන් කාන්තා විජේසූරිය එස්.එම්.ටි.ටි සමත් විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.