අන්තර් ඒකක කැරම් ශූරතාව 2022

අන්තර් ඒකක කැරම් ශූරතාවලිය - 2022 ඊයේ (2022 සැප්තැම්බර් 23) ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් හේමන්ත සොයිසා මහතා සහභාගි වු අතර ත්‍යාග ප්‍රදානෝත්සවය එම ස්ථානයේදීම සිදු විය.

 මෙම තරගාවලිය කාණ්ඩ දෙකකින් සහ කාන්තා කණ්ඩායම් 10කින් සහ පිරිමි කණ්ඩායම් 19කින් ශූරතාවලියට තරග වැදුණි. කටුනායක ගුවන් හමුදා කඳවුරේ තාක්ෂණික සැකසුම් කණ්ඩායම 2022 වසර සඳහා පිරිමි ශූරයන් ලෙස තේරී පත් වූ අතර ගුවන් හමුදා මොරවැව කදවුර අනුශූරතාව දිනා ගන්නා ලදී. කාන්තා අංශයේ ශූරතාව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල දිනාගත් අතර ගුවන් හමුදා වවුනියාව කඳවුර අනුශූරතාව දිනා ගන්නා ලදී‍.

 තරගාවලියේ කාන්තා සහ පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවන් ලෙස පිළිවෙලින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල නියෝජනය කරමින් සැරයන් දිල්ෂානි ජිජිඑම් සහ මොරවැව ගුවන් හමුදා කඳවුර නියෝජනය කරන කෝප්‍රල් සෙනෙවිරත්න කේ.එච්.ජී.ජූ යන ක්‍රීඩිකාවන් ජයග්‍රහන හිමිකරගන්නා ලදි.

 මෙම අවස්ථාවට කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ එයාර් කොමදෝරු සේනක ප්‍රනාන්දුපුල්ලේ, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වජිර සේනාධීර, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ගුවන් හමුදා කැරම් සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් නාලක නුගේගොඩ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.