59 වැනි ජ්‍යෙෂ්ඨ හොකී ජාතික ශූරතාවලිය - 2022 ජයග්‍රහණය ආරක්ෂක සේවා හොකී කණ්ඩායමට

59 වැනි ජ්‍යෙෂ්ඨ හොකී ජාතික ශූරතාවලිය අද (2022 සැප්තැම්බර් 25) කොළඹ 07, ඇස්ට්‍රෝ හොකී ටර්ෆ්හිදී පැවැති අවසන් මහා තරගයේදී වෙළෙඳ සේවා හොකී සංගම් පිල පරදවා ජයග්‍රහණය හිමිකර ගැනීමට ආරක්‍ෂක සේවා හොකී පිල සමත්විය.

මෙම තරගාවලියේ හොකී කණ්ඩායම් 17ක් දැඩි උත්සාහයක නිරත වූ අතර ඉතා උනන්දුවෙන් තරග වැදුණු අවසන් පූර්ව තරගයේදී කොළඹ හොකී කණ්ඩායම පරාජය කරමින් ආරක්‍ෂක සේවා හොකී කණ්ඩායම එම ස්ථානය හිමිකර ගත්තේය. අවසානයේ අවසන් මහා තරගයේදී වෙළෙඳ සේවා හොකී කණ්ඩායම ලකුණු 04-00ක් ලෙස පරාජයට පත් කරමින් ආරක්‍ෂක සේවා හොකී සංගම් පිල ශූරතාව සඳහා ගෞරවයට පාත්‍ර විය.

 ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහභාගී විය. ජයග්‍රාහී ආරක්‍ෂක සේවා හොකී කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් හමුදා හොකී ක්‍රීඩකයින් 08 දෙනෙකුද, ශ්‍රී ලංකා යුද හමුදා හොකී ක්‍රීඩකයින් 07 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හොකී ක්‍රීඩකයින් 03 කින් සමන්විත වූ අතර ගුවන් හමුදාවේ කෝප්‍රල් රත්නසිරි විසින් කණ්ඩායම් නායකත්වය මෙහෙයවන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.