අන්තර් ඒකක රග්බි ශූරතාවය - 2022

අන්තර් ඒකක රග්බි ශූරතාවලිය - 2022 ඊයේ (2022 සැප්තැම්බර් 27) රත්මලාන රග්බි පිටියේදී පැවැත්විණි. ත්‍යාග ප්‍රදානෝත්සවය එම ස්ථානයේදීම සිදුකෙරුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ජීජීඩබ්ලිව්ටීකේ ගුණවර්ධන මහතා සහභාගී විය.

 මෙම තරඟාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවති අතර කාන්තා කණ්ඩායම් 05ක් සහ පිරිමි කණ්ඩායම් 17ක් ශූරතාවයට තරඟ වැදුණි. ගුවන් හමුදා රත්මලාන කඳවුරු රග්බි කණ්ඩායම 2022 වසර සඳහා පිරිමි ශූරයන් ලෙස ශූරතාව දිනාගත් අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල අනුශූරතාව හිමිකර ගන්නා ලදී. කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය දිනාගත් අතර අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර හිමිකර ගත්තේය.

 තරඟාවලියේ කාන්තා සහ පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවන් ලෙස පිළිවෙලින් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය නියෝජනය කරන නායක ගුවන් කාන්තා සමරවීර ඊඩීඒටි සහ රත්මලාන ගුවන් හමුදා කඳවුර නියෝජනය කරන බලඝණ නායක එන්එම්ටීවයි සරත්චන්ද්‍ර තේරී පත් විය.

 මෙම අවස්ථාවට ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ, එයාර් වයිස් මාර්ෂල් ඒ.එස්.විතාන, ක්‍රීඩා අධ්‍යක්‍ෂ එයාර් කොමදෝරු, එස්.එන්.ප්‍රනාන්දුපුල්ලේ, ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිලධාරී, එයාර් වයිස් මාර්ෂල් කේ.ජී.ඩී.එන් ජයසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ යන නිළධාරීන් සහභාගිවිය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.