අන්තර් ඒකක හොකී ශූරතාව 2022

අන්තර් ඒකක හොකී ශූරතාවලිය 2022 ඊයේ (2022 සැප්තැම්බර් 28) ඒකල ගුවන් හමුදා වෘත්තී පුහුණු පාසලේදී අවසන් විය. අවසන් සැසිය සහ සම්මාන ප්‍රදානෝත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගගන ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ මහතා සහභාගිවිය.

 කොළඹ ගුවන් හමුදා කඳවුර පිරිමි 11 A පැති කාණ්ඩයේ ශූරතාවයට හිමිකම් කියන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය අනුශූරතාවය හිමිකරගන්නා ලදි. කාන්තා 7A පැති ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය දිනාගත් අතර ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.

 අවසන් සැසිය සඳහා ගුවන් හමුදා හොකී සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් පිරිසක් සහභාගී විය.

 ප්‍රතිඵල සාරාංශය

පිරිමි 11 A කාණ්ඩය
ශූරතාවය  - ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර
අනුශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය

 පිරිමි 7A කාණ්ඩය
ශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර
අනුශූරතාව -  ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර

 කාන්තා 7A පැත්ත
ශූරතාවය  - ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය
අනුශූරතාව - ඒකල ගුවන් හමුදා වෘත්තී පුහුණු පාසල


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.