අන්තර් ඒකක පැසිපන්දු ශූරතාව 2022

2022 - අන්තර් ඒකක පැසිපන්දු ශූරතාවලිය තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී 2022 සැප්තැම්බර් 24 සිට 2022 සැප්තැම්බර් 30 දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ආර්.ඒ.යූ.පී රාජපක්ෂ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.


සමස්ථ කාන්තා ශූරතාවලිය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය විසින් හිමිකර ගන්නා ලද අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල අනුශූරතාව හිමිකර ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය පිරිමි අංශයේ ශූරතාව දිනාගත් අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල අනුශූරතාව ලෙස තරගාවලිය නිමා කළේය.

 ගුවන් හමුදා පැසිපන්දු සංචිතයේ සභාපති, එයාර් වයිස් මාර්ෂල් ටීඒඩීආර් සේනානායක, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිතයින් අවසන් තරඟ නැරඹීම සඳහා සහභාගී වූහ.

 ප්‍රතිඵල වල සාරාංශය

කාන්තා විශේෂ සම්මාන

 හොඳම ආක්‍රමණශීලී ක්‍රීඩිකාව
ගුවන් කාන්තා ජයසිංහ එම්.එන්

 හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව
නායක ගුවන් කාන්තා හේරත් එච්.එම්.එම්.කේ

 හොඳම ක්‍රීඩිකාව
පයිලට් ඔෆිසර් ජේ.ටී.හේවාපතිරණ

 පිරිමි විශේෂ සම්මාන

හොඳම ආක්‍රමණශීලී ක්‍රීඩකයා
ගුවන් භට හපුආරච්චි පී.එම්.එස්

හොඳම ආරක්ෂක ක්‍රීඩකයා
ස්කෝඩ්‍රන් ලීඩර් යූ.එච්.ඒ.එච් ද සිල්වා

හොඳම ක්‍රීඩකයා
කැඩෙට් නිලධාරි එස්.එච් ගොඩැල්ලගේ


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.