ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 42 වැනි අදියර මුල්ලියාවලයිහිදී අවසන් වේ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා මුලතිව් කදවුර මගින් 'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 42 වන අදියර ඊයේ (2022 සැප්තැම්බර් 30) දින මුලතිව් මුල්ලියාවලෙයි දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ දී සාර්ථකව අවසන් කරන ලදී.

සිසුන්ගේ පානීය අවශ්‍යතා සඳහා ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. සම්පුර්ණ කරන ලද ජල පිරිපහදු කිරීමේ පහසුකම ගුවන් හමුදා මුලතිව් කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් අෂාඩ් ලියනආරච්චිගේ විසින් විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත භාරදෙන ලදී.

මුලතිව් ගුවන් හමුදා කඳවුර සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මුලතිවු කඳවුරේ අණදෙන නිලධාරිතුමන් ඇතු ළු නිළධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද මුල්ලියාවලෙයි දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුවරුන් සහ සිසුන් පිරිසක් සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.