බංගලාදේශයේ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

බංග්ලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නියෝජිත පිරිසක් අද (2022 ඔක්තෝම්බර් 03) ගුවන් හමුදා මූලස්ථානයට පැමිණි අතර ජ්‍යෙෂ්ඨ උපදේශක, ගෲප් කපිතාන් එම්ඩී අල් අමීන් ඛාන් මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 43 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරය සදහා එක්විය.

බංග්ලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ගෲප් කපිතාන් එම්ඩී අල් අමීන් ඛාන් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී ගුවන් මෙහෙයුම් 1 ගෲප් කපිතාන් දිනේෂ් කසාගල විසින් නියෝජිත පිරිස වෙත කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කල අතර  මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ ගුවන් මාණ්ඩලික නිලධාරි එයාර් කොමදෝරු දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් අනෙකුත් සියලුම ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.