අංක 31 ඉගැන්විම් ක්‍රමඋපායන් පිළිබඳ උපදේශක පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී අවසන් වේ

අංක 31 ඉගැන්වීම් ක්‍රමඋපායන් පිළිබඳ උපදේශක පාඨමාලාවේ සමාප්ති උත්සවය අද (2022 ඔක්තෝම්බර් 04) ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විධායක තත්ත්‍ව නීර්ණ නිලධාරී එයාර් කොමදෝරු එම්.පී.ඒ මහවත්තගේ සහභාගි විය.

අංක 31 ඉගැන්වීම් ක්‍රමඋපායන් පිළිබඳ උපදේශක පාඨමාලාව 2022 මාර්තු 09 වැනි දින සිට ආරම්භ වූ අතර සති 28 ක කාලයක් තුළ ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණු අංශවලට භාජනය වු අතර ජාතික අධ්‍යාපන ආයතනය, මහරගම විසින් පවත්වන ලද අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දින 10 ක මාර්ගගත සැසියක්ද මෙම පාඨමාලාව තුල ලබාදෙන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.