“ලැගුන් බ්‍රීස්”නිලධාරීන්ගේ නිවාඩු නිකේතනය විවෘත කෙරේ

මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අභිනවයෙන් ඉදිකරන ලද "ලැගුන් බ්‍රීස්" නිළධාරීන්ගේ නිවාඩු නිකේතනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් 2022 ඔක්තෝබර් 05 වන දින විවෘත කරන ලදී.මෙම නිවාඩු නිකේතනය කෑම කාමරයට යාබදව විසිත්ත කාමරයකින් සහ මුළුතැන්ගෙයක් ඇතුළු උණු වතුර පහසුකම් සහිත නානකාමරයක් සහිත වායුසමනය කළ නිදන කාමර තුනකින් සමන්විත වේ.

“ලැගුන් බ්‍රීස්” නිළධාරීන්ගේ නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු කටුනායක ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගයේ සිවිල් ඉංජිනේරු කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී. විවෘත කිරීමේ උත්සවය සඳහා ගුවන් හමුදා මඩකලපුව කඳවුරු වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් චන්දන මුණසිංහ නිළධාරීතුමන් ඇතුලු නිලධාරීන් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගී විය.


“Lagoon Breeze” Officers’ Holiday Home at SLAF Station Batticaloa

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.