අන්තර් ඒකක ජූඩෝ ශූරතාව - 2022

අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය 2022 ඔක්තෝම්බර් 03 සිට 05 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. සම්මාන ප්‍රදානෝත්සවය 2022 ඔක්තෝම්බර් 05 වන දින එම ස්ථානයේදීම  ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එයාර් වයිස් මාර්ෂල් වී.බී.එදිරිසිංහ මහතා සහභාගී විය.

පිරිමි බර කාණ්ඩ දහයක් (10) සහ කාන්තා බර කාණ්ඩ අටක් (08) යටතේ පවත්වන ලද ශූරතාවලිය  විවෘත ඉසව් සහ කණ්ඩායම් ඉසව් දෙකම සමන්විත විණි. පිරිමි ඉසව් සඳහා ක්‍රීඩකයන් එකසිය හයක් (106) ස්වාධීන ක්‍රීඩා ආකෘතීන් දහඅටකින් (18) තරග වැදුණු අතර කාන්තා ඉසව් සඳහා ස්වාධීන ක්‍රීඩා ආකෘතීන් අටකින් (8) ක්‍රීඩිකාවන් හතළිස් හතරක් (44) සහභාගි වූහ.

පිරිමි සමස්ත ශූරතාව සඳහා ලකුණු විසි එකක්  (21)  ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය ශූරතාව  දිනාගත් අතර කොළඹ ගුවන් හමුදා කඳවුර ලකුණු දහනවයක් (19) ලබා ගනිමින් අනුශූරතාව හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර ලකුණු තිහක් (30) ලබා ගනිමින් කාන්තා සමස්ථ ශූරතාවය හිමිකර ගත් අතර ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ක‍දවුර ලකුණු විසිතුනක් (23) ලබා ගනිමින් අනුශූරතාවය දිනා ගන්නා ලදී. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය නියෝජනය කරමින් නායක ගුවන් භට තිලකරත්න එම්.ජී.යූ සහ කොළඹ ගුවන් හමුදා කඳවුර නියෝජනය කරන නායක ගුවන් කාන්තා තරුෂිකා ඩබ්ලිව්.කේ.වයි පිළිවෙලින් පිරිමි සහ කාන්තා ඉසව්වල විවෘත ජූඩෝ ශූරයින් ලෙසින් සම්මාන හිමිකර ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.