ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර විසින් ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලදී

ඉරණමඩු අලගපුරි ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 73 දෙනෙකු සඳහා පාසල් නිල ඇඳුම් ප්‍රදානය කිරීම 2022 ඔක්තෝම්බර් 11 වන දින ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස ගුවන් හමුදා ඉරණමඩු  කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් රුක්මන් දසනායක නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලදී.

ෆාම්ස් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ක්ලැරන්ස් මෙන්ඩිස් මහතා මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සිය නොමසුරු දායකත්වය ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ඉරනමඩු ගුවන් හමුදා කඳවුර නියෝජනය කරමින් නිළධාරීන්, සෙසු නිලයින් සහ දෙමාපියන්, සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.