ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඉහළ නැංවීම සඳහා ක්‍රීඩා වෛද්‍ය සමාරම්භක සම්මන්ත්‍රණයක් පවත්වනු ලබයි.

ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ සමාරම්භක සමුළුව 2022 ඔක්තෝබර් 11 දින ඒකල ගුවන් හමුදා කඳවුරු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුව සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂක ,ගුවන් හමුදා ක්‍රීඩා සම්මේලනයේ ලේකම්, ඒකල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී, කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහලේ අණදෙන නිලධාරී, ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නිලධාරීන්, පුහුණුකරුවන්, සහකාර පුහුණුකරුවන්, කළමනාකරුවන්, සහ සියලුම ගුවන් හමුදා ක්‍රීඩා කන්ඩායම්වල නායක නායකයින් ඇතුළු පිරිසක් සහභාගි විය.

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ හැකියාවන් පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම, පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොළඹවා ගැනීම සහ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ශූරතා තරගවලදී ක්‍රීඩකයන්ගේ දස්කම් වැඩි දියුණු කිරීම යන ප්‍රධාන අරමුණු පිළිබද මෙම සමුළුවේදී සාකච්චා  කෙරිණි.

සම්මන්ත්‍රණයේදී ක්‍රීඩකයින් සඳහා වෛද්‍ය කළමනාකරණය, මනෝවිද්‍යාත්මක සහාය, තුවාල කළමනාකරණය, තහනම් උත්තේජක විරෝධී සහ පෝෂණ සහාය කෙරෙහි අවධානය යොමු කරන ලදී.

මීට අමතරව ක්‍රීඩකයන්ගේ සහ සහායක පිරිස්වල දක්‍ෂතා ඇගයීමට ක්‍රමවේදයක් සකස් කිරීම, ක්‍රීඩකයන්ගේ වෛද්‍යල ශාරීරික මනෝවිද්‍යාත්මක සහ පෝෂණ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය සහ පුහුණුකරුවන්ගේ පුහුණු වැඩසටහන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් අවධාරණය කළේය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.