ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 38 වැනි සංවත්සරය සමරයි

කොග්ගල ගුවන් හමුදා කඳවුර සිය 38 වන සංවත්සරය 2022 ඔක්තෝබර් 19 වන දින සමරනු ලදී. අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තිළිණ රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ වූ අතර, අණදෙන නිළධාරීතුමා විසින් ප්‍රකාශ කර සිටියේ කදවුර ආරම්භයේ සිට එහි සංවර්ධනයට දායක වූ සියලුම හිටපු අණදෙන නිළධාරීන්ට සහ අනෙකුත් සාමාජිකයින්ට සිය අවංක කෘතඥතාවය පුද කරන බවයි. අනතුරුව, අණදෙන නිළධාරීතුමන් ඇතුළු සියලුම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් කදවුරු පරිශ්‍රයේ දී පවත්වන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව කොග්ගල වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්, උණවටුන රෝහලේ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සහ තලාතුඩුව විහාරස්ථානයේ සහ හබරාදූව පොදු සුසාන භූමියේ ශ්‍රමදාන ව්‍යාපාර වැඩසටහනක් පැවැත්වූ  අතර  කදවුරු  ක්‍රීඩාංගනයේ දී සියලුම සේවා පුද්ගලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති සුහද ක්‍රිකට් තරඟාවලියකින් අනතුරුව සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව සංවත්සර උත්සවය අවසන් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.