ශ්‍රි ලංකා ගුවන් හමුදා 71 වන සංවත්සරය වෙනුවෙන් බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී

ශ්‍රි ලංකා ගුවන් හමුදා 71 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලැබු බෞද්ධ ආගමික පූජෝත්සවය 2022 ඔක්තෝම්බර් මස 22 හා 23 දිනයන්හීදී මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුර්ශන පතිරණ මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුර්ශන පතිරණ මැතිතුමන් ප්‍රථමයෙන් අස්ගිරි මහ විහාරයට පැමිණ ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධමිමසිද්ධි ශ්‍රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක මා හිමිපානන් බැහැදැක අශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට පැමිණ ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු මහවිහාර පාර්ෂවයේ මහනායක තිබිබටුවාෙවි ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක මාහිමිපානන් බැහැදැක අශිර්වාද ලබාගන්නා ලදි. මානාහිමිපානන් වහන්සේලා බැහැදැක අශිර්වාද ලබා ගැනිමෙන් පසු ශී්‍ර දළදා මාළිගාවට පැමිණි ගුවන් හමුදාධිපති තුමන් දියවඩන නිළෙමි තුමන් හමුවිමෙන්  අනතුරුව ශ්‍රි දළදා වහන්සේ වැදපුදා ගනිමින් අශිර්වාද ලබාගන්නා ලදි

අනතුරුව අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධමිමසිද්ධි ශ්‍රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක මා හිමිපානන් ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා අස්ඨපරිස්කාරක සපිරිකර සාංඝීක මහා දානය පිරිනැමිම සිදු කරන ලදි.  

මෙම බෞද්ධ ආගමික උත්සවයට සමගාමිව ගුවන් හමුදාධිපති තුමන් ගේ උපදෙස් මත අස්ගිරි මල්වතු විහාස්ථානන් හි වැඩවසන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් හා ශ්‍රි දළදා මලිගාෙවි සියළුම සේවක මහතුන් වෙනුවෙන් වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ෂකය විසින් පවත්වන ලදි.  ගුවන් හමුදා සුභසාධක අධක්ෂක කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු මෙම බෞද්ධ ආගමික පූජෝත්සවයේ දි තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදු ගුවන් හමුදා රණවිරුවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදු කිරිෙමි හා සකි්‍රය සේවයේ යෙදී සිටින ගුවන් හමුදා සේවා පුද්ගලයින්හට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීම ද සිදු කරන ලදි  

මෙම අවස්ථාව සදහා ,ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනී පතිරණ මැතිණියලගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලයේ නිළධාරීන්ල ගුවන් හමුදා ජේ්‍යෂ්ඨ නිළධාරීන් හා කදවුරු/ඒකක නියෝජනය කරමින් අණදෙන නිළධාරිවරුන් මෙන්ම විවිධ වෘත්තීන් වල ගුවන් භටයින් පිරිසක් ද මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.