ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයා සහ ගුවන් හමුදාධිපත්තුමන් අතර හමුවක්

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්  Chad Hodgens මහතා සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 2022 ඔක්තෝබර් 27 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍ර ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.