ගුවනින් බීජ හෙලිමේ ව්‍යාපෘතියේ හත්වන අදියර සාර්තකව අවසන් කරන ලදි.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන 2030 වසර වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින්, දේශයේ අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් උදාකරලීම උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරන ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ හත්වන අදියර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත 2022 ඔක්තොමිබර් මස 29 වන දින සාර්ථකව නිමකරන ලදී.

ශ්‍රි ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 04 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් ඛෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මගින් අවස්ථා විස්සකදි සියඹලාආණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වත්තේගම කැබිලිත්ත වන රක්ෂිතයේ අක්කර 80 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය,කොහොඔ ආදී ශාක බීජ 100000 ක ප්‍රමාණයක් තෝරාගත් එම භූමි ප්‍රදේශය වෙත ගුවනින් හෙලීම සිදුකරන ලදී.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වනසංරක‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාර්ගෝපදේශකත්වය යටතේ කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි  ඒකකය විසින් ක්‍රියාත්මක කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.