අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය 2022

අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය 2022 ඔක්තෝම්බර් 31 වන දින සිට නොවැම්බර් 01 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.සම්මාන ප්‍රදානෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ක්‍රීඩා පිටියේදීම පැවැත්විණි.

පිරිමි සහ කාන්තා යන දෙඅංශයේම ශූරතාවය දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල හිමිකරගත් අතර අනුශූරතාවය ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල හිමිකර ගන්නා ලදී. දක්ෂතම පිරිමි මලල ක්‍රීඩිකයා ලෙස කටුනායක ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට නයනප්‍රිය ආර්.ඒ.ඩී සම්මාන දිනාගත් අතර ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍යභට නිලධාරිනී ලක්ෂානි එම්.කේ.පී.හිමිකර ගන්නා ලදී

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ක්‍රීඩා අධ්‍යක්‍ෂ එයාර් කොමදෝරු සේනක ප්‍රනාන්දුපුල්ලේ, ගුවන් හමුදා මලල ක්‍රීඩා සභාපති ගෲප් කැප්ටන් දීපාල් මුණසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.