ගුවන් හමුදාධිපතිතුමන් හට පොපි මලක් පළඳවන ලදී

2022 අනුස්මරණ දිනය සමරමින්,ශ්‍රී ලංකා හිටපු සෙබළුන්ගේ සංගමයේ සභාපති,මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් නොවැම්බර් 02 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත පොපි මලක් පළඳවන ලදී. පොපි මල් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය සඳහා යෙදවීමට නියමිතව ඇත.

ත්‍රිවිධ හමුදා අනුස්මරණ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික),සංගමයේ  ගුවන් හමුදා සභාපති එයාර් වයිස් මාර්ෂල් එල්මෝ පෙරේරා (විශ්‍රාමික), සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික), භාණ්ඩාගාරික මේජර් ශාන්තිලාල් කංකානම් (විශ්‍රාමික) සහ පොපි කමිටු සාමාජිකයින් වන ජේ ඒ ස්පේරින් මහතා සහ  ඩබ් එම් පි පි වීරකෝන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.