අංක 50 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, අංක 08 විශේෂ ගුවන් මෙහෙයුම් පුහුණු පාඨමාලාව සහ අංක 09 මූලික රිගර් පාඨමාලා සදහා ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි

අංක 50 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, අංක 09 මූලික රිගර් පාඨමාලා සහ විශේෂ ගුවන් මෙහෙයුම් (SABF) පුහුණු පාඨමාලා සඳහා නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2022 නොවැම්බර් 03 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පැවැත්විණි.උත්සවයේ දී පුහුණුවන්නන් 96 දෙනෙකු හට නිල ලාංඡන ප්‍රදානය කරන ලදී. මේ සදහා ගුවන් හමුදා නිලධාරීන් 06 ක්, ගුවන් භටයින් 36 ක්,ගුවන් කාන්තාවන් 03 ක්,ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිළයන් 08 ක්,නාවික හමුදාවේ නාවිකයින් 03 ක්, විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 01 ක්,සෙසු නිළයන් 03 ක් සහ ගුවන් හමුදා නිලධාරීන් 05 ක් සහ විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයේ ගුවන් භටයින් 36 දෙනකු ඇතුළත් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහභාගී විය. අඩි 1000 ක් උසින් AN -32 B ගුවන් යානයකින් අභ්‍යාසලාභීන් ගුවනින් පැනීමෙන් පෙළපාලිය ආරම්භ විය.ගුවන් හමුදාවේ ස්කයි ඩ්‍රයිවර්ස් කන්ඩායම විසින් එම ගුවන් යානයෙන්ම අඩි 6000 ක් පමණ දුරින් ගුවනින් පැන විශිෂ්ට සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. විශේෂ අශ්වාරෝහක සංදර්ශනය, විශේෂ ගුවන් හමුදා පාඨමාලා සහභාගිවන්නන්ගේ නිරායුධ සටන් සංදර්ශනය සහ ගුවන් හමුදා  තූර්ය වාදක කණ්ඩායම විසින් තූර්ය වාදක සංදර්ශනයක් ඉදිරිපත් කිරීමෙන් පෙළපාලිය විචිත්‍රවත් කරන ලදී.

මෙම පාඨමාලාවන්වල දක්ෂතම පුහුණුවන්නන් ලෙස පියාසර නිලධාරී සී.ආර්.කොඩිතුවක්කු,කෝප්‍රල් ගුණවර්ධන එම්.ඩී.එස්.එන් සහ නායක ගුවන් භට දිසානායක ඒ.ඒ.ඩී.බී.යන අය සමත් විය

මෙම උත්සවය සඳහා අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජීඑස්එන් ප්‍රියදර්ශන, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් විජිත ගෝමිස්, විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුමේද රිටිගල, අනෙකුත් විශේෂ ආරාධිතයින් සහ පුහුණුලාභීන්ගේ ආදරණීය පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.