රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා කෞතුකාගාරය 13 වන සංවත්සරය සමරයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරය එහි අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්ඩබ්ලිව්සීපී බෝධිසීල මහතාගේ මගපෙන්වීම යටතේ සිය 13 වන සංවත්සරය 2022 නොවැම්බර් 05 වන දින සමරන ලදී.
 
මෙම අවස්ථාවට සනිටුවහන් කරමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා දිරි දරු පියස පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. මීට අමතරව, සියලුම නිලධාරීන්,සෙසු නිලයින් සහ කෞතුකාගාර කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව කඳවුරු ක්‍රීඩා පිටියේ සුහද ක්‍රිකට් තරඟයක් පවත්වන ලදී. රත්මලාන මල්ලිකාරාම විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් සහ කෞතුකාගාර පරිශ්‍රයේදී ධර්ම දේශනා වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.