ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල 09 වන සංවත්සරය සමරනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල 2022 නොවැම්බර් 05 වන දින සිය 09 වන සංවත්සරය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් වී.ජී.ජී.බී පියසිරි ගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ එක්ව ප්‍රජා සේවා ව්‍යාපෘති, විනෝදාත්මක සහ ආගමික ක්‍රියාකාරකම් මාලාවක් සමඟින් සමරනු ලැබීය.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් අනතුරුව උත්සව සැමරුම ආරම්භ කෙරුනු අතර රෙජිමේන්තු පුහුණු පාසලේ වැදගත්කම සහ ඓතිහාසික වැදගත්කම මෙන්ම වසර ගණනාවක් පුරා එය වෙනස් වී ඇති ආකාරය අණදෙන නිලධාරීතුමන් විසින් අවධාරණය කරන ලදී. එමෙන්ම පාසලේ සංවර්ධනයට අතීතයේ සිට දායක වූ සියලුම නිලධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් සේවක මන්ඩලය වෙත ස්තුතිය පුද කරන ලදී.

උත්සව දින සැමරුමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් සහ කඳවුරු ක්‍රීඩා පිටියේදී වොලිබෝල් තරගාවලියක් පවත්වන ලදී. අනතුරුව පුවරසන්කුලම් ප්‍රාදේශීය රෝහලේ සහ මඩුක්කුලම් නවජෝති විද්‍යාලයේදී පවත්වන ලද ශ්‍රමදාන වැඩසටහනක් සහ සිසුන් සහ ගුරුභවතුන් සඳහා වියළි සලාක සහ ආහාර ඇසුරුම් බෙදාදීම වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරී ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. එමෙන්ම 2022 නොවැම්බර් 04 වන දින කඳවුරු රෝහල් පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.2022 නොවැම්බර් 07 වන දින  කඳවුරේ සේවා සහ සිවිල් පුද්ගලයින්ට ආශිර්වාද පතා කඳවුරු විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් උත්සවය අවසන් විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.