ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු රෝහල 13 වැනි සංවත්සරය සමරනු ලබයි

රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය 13 වන සංවත්සරය 2022 නොවැම්බර් 11 වන දින සමරනු ලැබීය. චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම් උත්සවය ආරම්භ විය. මෙම පෙළපාලිය රත්මලාන ගුවන් හමුදා මූලික රෝහලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ටීවීඑස්එස් අල්විස් නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

අණදෙන නිළධාරී විසින් පසුගිය වසර කිහිපය තුළ ඔවුන්ගේ නොපසුබට උත්සාහය අගය කරන ලදී. තවද, ගුවන් හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි බාහිර ස්ථානවල රාජකාරී ඉටුකරමින් සමාජ සුබසාධනය සඳහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් අණදෙන නිලධාරී විසින් අවධාරණය කරන ලදී. රත්මලාන ගුවන් හමුදා මූලික රෝහල 1986 දී වෛද්‍ය පරීක්ෂණ කාමරයක් ලෙස ආරම්භ කරන ලදි.
  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.