තවත් ආධුනික සෙබළුන් පිරිසක් ගුවන් හමුදාවට එක්වෙයි...

අංක 142 නිත්‍ය ආධුනික ගුවන් භට සහ අංක 100 ස්වෙච්ඡා ආධුනික ගුවන් භට පාඨමාලාවට අයත් ආධුනික ගුවන් භටයින් 356 දෙනෙකු චීනවරාය ගුවන් හමුදා කදවුරේදී අද(22) විසිර ගියහ.

මෙම පාඨමාලාව සති 18ක සැලසුම් ගත කාලයක් තුල හමුදා සේවයට ඇතුල් වන රට වැසියන් සුපරික්ෂාකාරි සහ විනයගරුක පුද්ගලයින් බවට පත් කිරීමට අවශ්‍ය මූලික ගොඩබිම් සටන් පුහුණුවත්,සාමාන්‍ය සේවා විෂයන් පිළිබදව මූලික අවබෝධය ලබාදීම මෙන්ම මෙම පාඨමාලාවේ අභිප්‍රායන් ලගා කර ගැනීම සදහා සරඹ,අවි පුහුණුව,ක්ෂේත්‍ර ශිල්පය,යුධ උපක්‍රම,සිතියම් කියවීම, ගුවන් හමුදා නීතිය, ගුවන් හමුදා පරිපාලනය සහ සංවිධානය පිළිබඳව මනා පුහුණුවක් ද පුපුරණ ද්‍රව්‍ය ගිනි නිවාරණය මානව හිමිකම් සුරැකීම සහ ප්‍රථමාධාර පිළිබඳව අවශ්‍ය දැනුමද ඔවුන්ට ලබා දී ඇත.

මෙම විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා අතිවිශාල ජනකායක් දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි අතර ඔවුන් සතුටට පත් කරමින් විසිර යන ගුවන් භටයින් ඉදිරිපත් කරන ලද පා සරඹ, අවි සරඹ, යවුල් සරඹ සහ මනරම් තූර්යවාදන සංදර්ශනය විශ්මය ජනක විය.

විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්ත ලෙස සහභාගී වූයේ චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේනා විධායක එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති ය්. විංග් කමාන්ඩර් ඩී සී අයි වීරසූරිය නිළධාරී තුමගේ පූර්ණ අධීක්ෂණය  හා උපදේශකත්වය යටතේ සංවිධානය කෙරුනු මෙම විසිරයාමේපෙළපාලියෙහි වැඩ බලන ප්‍රධාන උපදේශක සහ ආදුනික පුහුණුවීම් භාර නිළධාරී වශයෙන් බළඝන නායක කේ එච් එම් එස් එස් බණ්ඩාර ද අවි පුහුණු භාර නිළධාරී ලෙස බලපන්ති ලුතිනන් ටී කේ කේ එච් රවින්ද්‍ර සහ සහකාර පාලන නිළධාරී ලෙස පියාසර නිළධාරී එස් සී මඩුවල යන නිළධාරීන් ද සටන් පුහුණු පාසලේ බලලත් නිළධාරී වශයෙන් බලපන්ති සැරයන් මාරසිංහ අයි ඒ ජේ සී කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකවේ පුරවැසියන් ලෙස අප සිත් තුළ  මහත් අභිමානයක් රැව් පිළි රැව් දෙන මේ මොහොතේ ඔවුන්ගේ අනාගතය සාර්ථක වේවා යැයි ඉමහත් ප්‍රීතියෙන් යුතුව ප්‍රාර්ථනා කරමු.

තවත් ආධුනික සෙබළුන් පිරිසක් ගුවන් හමුදාවට එක්වෙයි...A Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa LagoonA Colorful Passing Parade Overlooking the Thambalagamuwa Lagoon



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.