ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 33 වැනි සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලබයි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 33 වැනි සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවය 2022 නොවැම්බර් 11 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහභාගී විය.  මෙම උපාධි ප්‍රදානෝත්සවයේ  උපාධි අධ්‍යයන පීඨයේ ශාස්ත්‍රපති උපාධිධාරීන් සහ පශ්චාත් උපාධිධාරීන් 269 දෙනෙකු සහ විශ්ව විද්‍යාලයේ විවිධ පීඨවල උපාධිධාරීන් 1350 දෙනෙකු හට මෙවර උපාධි ප්‍රදානය කරන ලදී.

දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස කැඩෙට් නිලධාරි ඩබ්ලිව්.එම්.ජේ.සී වීරකෝන්, දක්ෂතම නාවික නිලධාරියා ලෙස උප ලුතිනන් එස්.ඒ.එස්.වී හපුආරච්චි, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරී ඊ.ඩබ්ලිව්.ඩී.එච්.එගොඩවත්ත යන මහත්වරුන්ට විශේෂ සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය. සෑම අතින්ම දක්ෂතම නිලධාරියා සඳහා වන ගෞරව සම්මානය පියාසර නිලධාරී සී.එල්.උදුමුල්ලආරච්චි මහතා වෙත පිරිනමණ ලදී.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 1981 දී ආරම්භ කරන ලදී. එය 2009 දී අංගසම්පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට උසස් කරන ලද අතර එම වසරේම එය සිවිල් සිසුන් සඳහා ද විවෘත කරන ලදී. දැනට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට, දේශීය හා විදේශීය සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය, පශ්චාත් උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට පහසුකම් සලසා ඇත.

මෙම අවස්ථාව සදහා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), අනෙකුත් අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරාල් ජෙරාඩ් ද සිල්වා සහ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගීවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.