ජාතික නවකයන්ගේ බර ඉසිලීමේ ශූරතාව - 2022

ජාතික නවකයන්ගේ බර ඉසිලීමේ ශූරතාවලිය - 2022 පොළොන්නරුව, පෝද්දිවෙල ජාතික පාසලේදී 2022 නොවැම්බර් 13 වන දින සාර්ථකව අවසන් කරන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පොළොන්නරුව නගරාධිපති ගරු. චානක සිදත් රණසිංහ මහතා  සහභාගි විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයන් ශූරතාවලියේදී රන් පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගැනීමට සමත් විය. නායක  ගුවන් භට ජයසේන යූ.ආර්.ආර් කිලෝග්‍රෑම් 81 බර කාණ්ඩය යටතේ තරග වැදුණු ස්නැච් අංශයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් කිලෝග්‍රෑම් 138ක් ඔසවන ලදී.

ප්රතිඵල සාරාංශය

රන් පදක්කම් ලාභීන්
නායක ගුවන් භට විජේසිංහ  ඒ.යු.එම්.එම් (මුළු - 254 kg)
නායක ගුවන් භට ජයසේන යූ.ආර්.ආර් (මුළු - 298kg)
නායක ගුවන් කාන්තා වික්‍රමසිංහ ඩබ්ලිව්.එම්.ඒ.එස් (මුළු - 176 kg)
ගුවන් කාන්තා උමේරා එම් (මුළු -166kg)

ලෝකඩ පදක්කම්ලාභීන්
සැරයන් රණසිංහ (මුළු - 255kg)
නායක ගුවන් භට ජනිත් පී.එච්.එම් (මුළු - 255kg)
නායක ගුවන් භට ජයතිලක එස්.එම්.එම් (මුළු - කි.ග්‍රෑම් 252)
නායක ගුවන් භට ජයලත් පි.ඡි.ඩි. (මුළු - 247kg)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.