ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2022 ජාතික ජල පන්දු ශූරතාවලියේ ශූරතාවය දිනා ගනියි

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් සංවිධානය කරන ලද 2022- ජාතික ජල පන්දු ශූරතාවලිය 2022 නොවැම්බර් 18 වන දින සිට නොවැම්බර් 20 වන දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ජාතික ජල පන්දු ශූරතාවලියේ, ශූරතාවයට හිමි කුසලානය වසර එකොළහකට පසු දිනා ගැනීමට සමත් විය.

ඕල්ඩ් තෝමියන්ස් පිහිනුම් සමාජය (OTSC)සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම් කණ්ඩායම අතර අවසන් මහා තරගය පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඕල්ඩ් තෝමියන්ස් කණ්ඩායම ලකුණු 9ට 7ක් ලෙස පරාජය කරන ලදී. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට උදයත්‍ර ආර්.එල්.කේ සම්මානය හිමිකරගත් අතර ශූරතාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස කැඩෙට් නිලධාරි ද සිල්වා යු.අයි.ඕ සම්මානය හිමිකරගන්නා ලදී.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා ජල ක්‍රීඩා සංගමයේ සභාපති නෙත්රු නානායක්කාර මහතා සහ ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් අසේල ජයසේකර මහතා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.