ගුවන් හමුදාධිපතිතුමන් සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් අමතයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ  2022 නොවැම්බර් 21 වන දින සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSC&SC) පාඨමාලා අංක 16 හි නිලධාරීන් අමතන ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතා විසින් විද්‍යාලය වෙත පැමිණි ගුවන් හමුදාධිපතිතුමන් පිළිගෙන මෙරූන් ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබීය. ඉන් අනතුරුව, ගුවන් හමුදාධිපතිතුමන්ගේ දේශනය සඳහා කටයුතු භාරදීමට ප්‍රථමයෙන් එතුමන් පිළිබදව කෙටි හැදින්වීමක් කරන ලදී. මෙම අවස්ථාවට පාඨමාලා සහභාගිවන්නන්ට අමතරව විද්‍යාලයේ පීඨ සාමාජිකයින් සහ  කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපතිවරයා අතර  සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කර ගන්නා ලදී. සියලු කටයුතු වලින් අනතුරුව, විද්‍යාලීය පරිශ්‍රයේ පිහිටුවා ඇති MI-24 ප්‍රහාරක හෙලිකොප්ටරයේ අනුරුව විවෘත කිරීමද ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.