අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවය 2022

2022 අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවලිය  2022 නොවැම්බර් 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා මෙහෙයුම් භූමි  අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඡි.ඡි.ඩබ්ලිව්.ටි.කේ ගුණවර්ධන මහතා සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ගුවන් හමුදා කඳවුර සහ  මෙවර ටයිකොන්ඩෝ ශූරතාවලියේ පිරිමි සහ කාන්තා ශූරතාව හිමිකරගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර සහ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය විසින් පිරිමි සහ කාන්තා අනුශූරතා  දිනා ගන්නා ලදී. දක්ෂතම පිරිමි ක්‍රීඩිකයාට හිමි කුසලානය ගුවන් හමුදා  දියතලාව සටන් පුහුණු පාසල නියෝජනය කරන කෝප්‍රල් ගුණසිරි ජීඑන්ඩී සහ දක්ෂතම කාන්තා ක්‍රීඩිකාවට  හිමි කුසලානය ගුවන් හමුදා කොළඹ  කඳවුරේ නායක ගුවන් කාන්තා ධර්මකීර්ති බීඩීඑන් හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමන්වීර, ගුවන් හමුදා ටයිකොන්ඩෝ සභාපති එයාර් කොමදෝරු ගිහාන් සෙනෙවිරත්න, කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.