2022 12 වන ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලිය 2022 නොවැම්බර් 22,23 සහ 24 යන දිනයන්හිදී ශ්‍රී ලංකා යුද හමුදා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගනිමින් අඛණ්ඩව 4 වැනි වරටත් ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ කාන්තා මල්ලවපොර ශූරතාව දිනා ගැනීමට සමත් විය. වසර 23කට පසු රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 01ක් දිනා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සම ශූරයන් බවටද ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම පත් විය. ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම ආරක්ෂක සේවා ක්‍රීඩා ඉතිහාසයේ එකම අපරාජිත කණ්ඩායම විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා  නායක ගුවන් කාන්තා කරුණාසේන  එච්.ඒ.එන්, ශූරතාවලියේ දක්ෂතම  මල්ලවපොර ක්‍රීඩිකාව ලෙස තේරී පත් විය.

ප්‍රතිඵල සාරාංශය

පිරිමි කාණ්ඩයේ ජයග්‍රාහකයින්
රන් පදක්කම්ලාභීන්
නායක ගුවන් භට කල්‍යාණ කේ.බී.ආර් (කිලෝග්‍රෑම් 125)
නායක ගුවන් භට වේරගොඩ ඩබ්ලිව්එන් (කිලෝග්‍රෑම් 97)
නායක ගුවන් භට  විජේසූරිය ඩබ්ලිව්.එම්.එම්.එල් (කිලෝග්‍රෑම් 74)

රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් භට අබේසේකර ඩබ්ලිව්.ඡී.එස්.එන්.බි (කිලෝග්‍රෑම් 61)
සැරයන් ප්‍රනාන්දු ආර්.යු.එම් (කිලෝග්‍රෑම් 65)
නායක ගුවන් භට  සිල්වා  ඡි.එල්.පි.ඩි (කිලෝග්‍රෑම් 70)
කෝප්‍රල් මධුරංග  ටී.කේ.එස් (කිලෝග්‍රෑම් 92)

ලෝකඩ පදක්කම්ලාභී
නායක ගුවන් භට සම්පත් ඩබ්ලිව් (කිලෝ ග්‍රෑම් 86)


කාන්තා කාණ්ඩයේ ජයග්‍රාහකයින්
රන් පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා කරුණාසේන එච්.ඒ.එන්  (කිලෝ ග්‍රෑම්50)
නායක ගුවන් කාන්තා කාන්තා පෙරේරා  සී.එන්.එන් (කිලෝ ග්‍රෑම් 62)
නායක ගුවන් කාන්තා කාන්තා වීරසිංහ  ඩබ්.ඊ.සී.කේ.ආර් (කිලෝ ග්‍රෑම් 76)

රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා රත්නායක ආර්.එම්.කේ.එම් (කිලෝ ග්‍රෑම් 53)
කෝප්‍රල් ප්‍රියංගා එම්.ඩබ්.බි.එම් (කිලෝ ග්‍රෑම් 57)
නායක ගුවන් කාන්තා කුමාරි  එම්.ඩබ්.ඩි.එම්.පි (කිලෝ ග්‍රෑම් 62)
නායක ගුවන් කාන්තා ලක්මාලි  ඩබ්.ඡි.ඩබ් (කිලෝ ග්‍රෑම් 68)
නායක ගුවන් කාන්තා නවෝදා එන්එල්එල් (කිලෝග්‍රෑම් 76)

ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා මධුවන්ති  ආර්.ඒ.කේ (කිලෝග්‍රෑම් 57)
නායක ගුවන් කාන්තා රූපසිංහ ආර්.ඒ.එම්.එන් (කිලෝග්‍රෑම් 68)
නායක ගුවන් කාන්තා රූපසේන කේ.ඩි.අයි (කිලෝග්‍රෑම් 50)


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.