අන්තර් ඒකක බේස්බෝල් ශූරතාව - 2022

සමස්ථ කාන්තා කණ්ඩායම් ශූරතාව ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් හිමිකර ගන්නා ලද අතර ගුවන් හමුදා රත්මලාන කඳවුර  අවසන් මහා තරඟයේදී අනුශූරතාවය දිනා ගන්නා ලදී.ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්පීඑස් මාර්ටිනෝ විසින් කාන්තා ශූරතාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සම්මාන ප්‍රදානය කරන ලදී.

පිරිමි ශූරතාව ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනා ගන්නා ලද අතර ගුවන් හමුදා කොළඹ කඳවුර අනුශූරතාවය දිනා ගන්නා ලදී.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු පී.එස්.එන්.ප්‍රනාන්දු, ශ්‍රී ලංකා බේස්බෝල් සහ සැහැල්ලු පන්දු සම්මේලනයේ උප සභාපති මනෝජ් ප්‍රනාන්දු මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී විය.

කාන්තා ශූරතාවලිය
දක්ෂතම ක්‍රීඩිකාව - නායක ගුවන් කාන්තා සී.ජයලත් ජේ.එම්.එල්.එස් (ගුවන් හමුදා කඳවුර රත්මලාන)
දක්ෂතම පිතිකරු - ගුවන් කාන්තා ජීවන්ති කේ.කේ.වයි (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)
හොඳම පන්දු යවන්නා -නායක ගුවන් කාන්තා කරුණාතිලක ඒ.ඒ.ටී.යු (ගුවන් හමුදා කඳවුර රත්මලාන)
තරගයේ වටිනාම ක්‍රීඩිකාව - ගුවන් කාන්තා යොෂාන් බී.එල්.ජේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)


පිරිමි ශූරතාව
හොඳම පන්දු රකින්නා - නායක ගුවන් භට ජයසේකර (ගුවන් හමුදා කඳවුර කොළඹ)
දක්ෂතම පිතිකරු - ගුවන් භට කුලසේකර කේ.එම්.ඡි.එම්.පි (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)
හොඳම පන්දු යවන්නා - ප්‍රමුඛ ගුවන් භට බුද්ධික (කොළඹ ගුවන් හමුදා කඳවුර)
තරගයේ වටිනාම ක්‍රීඩකයා - නායක ගුවන් භට මීගොඩ එම්.යු.එස්.සී (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.