අන්තර් ඒකක පිරිමි විස්සයි විස්ස තරග සහ කාන්තා සය සාමාඡික සැහැල්ලු පන්දු ක්‍රිකට් ශූරතාව-2022

2022 අන්තර් ඒකක ක්‍රිකට් පිරිමි සහ කාන්තා ශූරතාවලිය 2022 දෙසැම්බර් 01 වන දින  කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අවසන් විය. ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ආර්.එස් බියන්විල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර පිරිමි ශූරතාව දිනාගත් අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල කාන්තා ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය.පිරිමි අවසන් මහා තරගයේදී ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර පන්දුවාර 20කදී කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ගුවන් හමුදා කදවුර පන්දුවාර 19කදී සියලුම ක්‍රීඩකයන් දැවි ලකුණු 139ක් රැස්කිරීමට සමත්විය. කාන්තා අවසන් මහා තරගයේදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පන්දුවාර 05කදී කඩුලු 3ක් දැවී ලකුණු 50 ලබා ගන්නා ලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කටුනායක ගුවන් හමුදා සැපයුම් හා නඩත්තු ඩිපෝව කන්ඩායම පන්දුවාර 05කදී කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබාගැනීමට සමත්විය.

ගුවන් හමුදා ක්‍රිකට් සම්මේලනයේ සභාපති ගෲප් කැප්ටන් එස්පී ජයසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, නිළධාරීන් සහ සෙසු නිලයින් ද අවසන් මහා තරඟය නැරඹීමට එක්ව සිටියහ.

ප්‍රථිපල සාරාංශය පිරිමි
තරඟයේ වීරයා
සැරයන් අබේසේකර ඒ.එස්.පි - ගුවන් හමුදා කඳවුර හිඟුරක්ගොඩ

තරගාවලියේ වීරයා
නායක ගුවන් භට කුමාර යු.එම්.ඡි-  ගුවන් හමුදා කඳවුර කොළඹ

ප්‍රථිපල සාරාංශය කාන්තා
තරගයේ ක්‍රීඩීකාව
ගුවන් කාන්තා කාවින්දි කේ.පී.එස්

තරගාවලියේ ක්‍රීඩීකාව
කෝප්‍රල් තිලකරත්න ඩබ්.ඩී.එස්


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.