ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 46 වැනි අදියර පාලවිහිදී සාර්ථකව අවසන් කරන ලදී

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා පාලවි කඳවුර විසින් 2022 නොවැම්බර් 30 වන දින අට්ටවිල්ලුව මේධානන්ද ප්‍රාථමික විද්‍යාලයේ "ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 46 වන අදියර සාර්ථකව නිම කරන ලදී.

ගුවන් හමුදා පාලවි කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කෝලිත වීරසේකර නිළධාරීතුමන් විසින් මේධානන්ද ප්‍රාථමික විද්‍යාලයේ  ප්‍රතිසංස්කරණය කරන ලද පාසල් ගොඩනැගිල්ල, පන්තිකාමර, විදුහල්පති කාර්යාලය සහ ළමා ක්‍රීඩා පිටිය  සිසුන් වෙත භාර දෙන ලදී. පුස්තකාලය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ද ගුවන් හමුදා පාලවි කඳවුර මගින් දරුවන්ට පරිත්‍යාග කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා පාලවි කදවුර එක්ව අරමුදල් සපයන ලදී. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා පාලවි කදවුරෙහි නිළධාරීන් සහ සෙසු නිලයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ විද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.