අංක 49 රසායනික, ජීව විද්‍යාත්මක, න්‍යෂ්ටික, පුපුරණ ද්‍රව්‍ය උපාංග (CBRNE)පක්ෂාංගය 3වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 49 රසායනික, ජීව විද්‍යාත්මක, න්‍යෂ්ටික, පුපුරණ ද්‍රව්‍ය උපාංග (CBRNE) පක්ෂාංගය 2022 නොවැම්බර් 27 වන දින සිය 3 වන සංවත්සරය සමරන ලදී.

අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් එන්.පී.පෙරේරා ප්‍රධානත්වයෙන් කරන ලද සම්ප්‍රදායික වැඩ පෙළපාලියෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ කිරීමෙන් අනතුරුව COVID-19 වසංගතයට එරෙහිව විෂබීජ නාශක මෙහෙයුම් සඳහා CBRNE පළමු ප්‍රතිචාර දැක්වූ පක්ෂාංගයේ සියලුම නිලයන් දැක්වු දායකත්වය හා නොපටුබස උත්සාහය අණදෙන නිලධාරී විසින් බෙහෙවින් අගය කරන ලදී.

අනතුරුව පක්ෂාංගයේ සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පවත්ලවන ලදී.ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දක්ෂිණ ආඥාපති සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එල් එච් සුමනවීර  සහභාගී විය.

සංවත්සරයට සමගාමීව, 2022 නොවැම්බර් 15 සිට 18 දක්වා රන්පොකුණුගම විහාරස්ථානයේ ‘ශ්‍රමදාන’ ව්‍යාපාරයක් ඇතුළු ප්‍රජා සේවා ව්‍යාපෘති මාලාවක් සහ ආගමික වැඩසටහන් මාලාවක් පක්ෂාංගය විසින් පවත්වන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.