ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රධානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඉදිකරන ලද නිවසක් සැරයන් බණ්ඩාර එම්.පී.එස් වෙත භාරදෙන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ සහභාගීත්වයෙන් නිවස ප්‍රධානය කිරීමේ උත්සවය 2022 දෙසැම්බර් 02 වන දින බිබිල කොටබාවේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වන අතර ඉදිකිරීම් කටයුතු අම්පාර ගුවන් හමුදා කඳවුර විසින් සිදු කරන ලදී. සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ නිළධාරීතුමන්ගේ  උපදෙස් මත සහ අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ සමස්ත ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම උත්සවය සඳහා අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ අම්පාර ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.