මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ භට පිරිස් පිටත්ව යයි

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 8 වැනි බළකාය 2022 දෙසැම්බර් 04 වන දින උදෑසන පිටත්ව ගියේය. එම බළකාය නිලධාරීන් 20 දෙනෙකු සහ ගුවන් භටයින් 89 දෙනෙකුගෙන් සමන්විත විය.
 
විවිධ වෘත්තිකයන්ගෙන් සමන්විත වූ මෙම මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායේ  අණදෙන නිළධාරීවරයා වශයෙන් විංග් කමාන්ඩර් කංචන ලියනාරච්චි නිළධාරීතුමන් කටයුතු කරනු ලබයි.

මේ අතර, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක හමුදාවේ වසරක සේවා කාලය සාර්ථකව නිම කිරීමෙන් පසු, පුද්ගලයින් 74 දෙනෙකුගෙන් සමන්විත 7 වන ගුවන් හමුදා බළකාය 2022 දෙසැම්බර් 03 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.මෙම බළකාය 2021 දෙසැම්බර් 01 දින සිට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මානුෂීය සහ සාම සාධක මෙහෙයුම් සඳහා දායක විය.



Arrival


Departure

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.