ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා "ඒ" අංශය නෙට්බෝල් ශූරතාව දිනාගන්නා ලදී

බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද ඊවා සමස්ත ලංකා දැල්පන්දු ශූරතාවලිය 2022 දෙසැම්බර් 03 සහ 04 යන දිනයන්හිදී කොළඹ ගුවන් හමුදා කඳවුරේ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු ක්‍රීඩිකාවන් කාන්තා ‘ඒ’ කොටසේ අවසන් මහා තරගයේදී පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 29-15ක් ලෙස ලබාගනිමින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත්විය කෝප්‍රල් පෙරේරා එල්.ආර්.ඩී දැල්පන්දු රැජින ලෙස සම්මානයට පාත්‍ර වූ අතර තරඟාවලියේ වටිනාම ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා හපුආරච්චි එස්.ආර්.සම්මාන හිමිකර ගන්නා ලදී.ඓCළ් ඹ්‍රන්ඩ්ස් පෟද්ගලික සමාගමෙහි අධ්‍යක්ෂිකා ශාන්ති බගිරතන් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.